විශ්‍රාම වැටුප් අංශය (Pension Division)
විශ්‍රාම දිවියට එළඹෙන සමුපකාර සේවකයින්ගේ විශ්‍රාම දිවිය අර්ථවත් කිරිම පිණිස මුල්‍ය ස්ථාවරත්වයක් ලබා දීමට අවශ්‍ය කටයුතු කිරීම මෙම අංශයේ කාර්යභාරය වේ.
සබරගමුව පළාත් සමුපකාර සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය
සබරගමුව පළාත් සමූපකාර සේවක විශ්‍රාම වැටුප් ප්‍රඥප්තිය (2014 අංක 02)
සබරගමුව පළාත් සමූපකාර සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය මඟින් විශ්‍රාම දිවියට එළඹෙන සමූපකාර සේවක සේවිකාවන්ට මූල්‍යමය ස්ථාවරත්වයක් ලබා දෙමින්, ඔවුන්ගේ ජීවිතයට ශක්තියක් වීම තුළින් වඩාත් යහපත් වූ සමූපකාර සේවාවක් ස්ථාපිත කිරීමට අපි කැපවී සිටිමු. සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය සහ රැකියා තෘප්තිය ඉහළ නැංවීම අපගේ ප්‍රධාන අපේක්ෂාවයි.
දැක්ම (Vision)
සමුපකාර සේවකයින්ගේ විශ්‍රාමික දිවියට අත්වැලක් වෙමින් සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම.
මෙහෙවර (Mission)
සමුපකාර සේවක සමිති හා ප්‍රජා දායකත්වය තුළින් ශක්තිමත් සමුපකාර සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් සබරගමුව පළාත තුල ස්ථාපිත කරමින් සමුපකාර සේවකයන්ට අභිමානයක් හා විශ්‍රාම දිවියට අත්වැලක් සැපයීම.
අරමුණු
- සමුපකාර සේවකයින්ගේ විශ්‍රාමික දිවියට අත්වැලක් වීම.
- සමුපකාර සේවකයින්ගේ අනාගත සුරක්ෂිතභාවය ඇති කිරීම.
- සමුපකාර සමිති වල සේවක ගැටළු අවම කිරීම.
- සමුපකාර සේවකයින්ගේ රැකියා තෘප්තිය වැඩි කිරීම.
- සමුපකාර ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය හා ඵලදායිත්වය වැඩි දියුණු කිරීම.
අරමුදල් ප්‍රභවයන්
සමුපකාර සේවක විශ්‍රාම වැටුප් වෙබ් පද්ධතිය
නවීන තාක්ෂණය ඔස්සේ වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට පිවිසෙන්න.
විශ්‍රාම වැටුප් අංශයේ සංවිධාන සටහන
(විශ්‍රාම වැටුප් අංශය)
(විශ්‍රාම වැටුප් අංශය)