තීරක හා උසාවි කටයුතු අංශය (Arbitration Division)
සමුපකාර සමිතිවල ආරවුල් නිරාකරණය සහ නෛතික තීන්දු බලාත්මක කිරීම මෙම අංශයේ කාර්යාභාරය වේ.
සබරගමුව පළාත් සභාවේ 2007 අංක 03 දරන සමූපකාර සමිති ප්‍රඥප්තියේ XI වැනි පරිච්ඡේදයේ 58 වගන්තියෙන් පැවරී ඇති ලියාපදිංචි සමූපකාර සමිතියක ආරවුල් සමථකරණය සම්බන්ධ කටයුතු හා එකී ප්‍රඥප්තියේ 59 වන වගන්තියෙන් ආරවුල් උසාවි බල ගැන්වීමට අදාළ කටයුතු මෙම අංශය මගින් සිදුකරයි.
ඉටුකරනු ලබන ප්‍රධාන කාර්යයන්
- 1. ආරවුල් විමසීම සඳහා භාර ගැනීම, තීරකවරු පත් කිරීම සහ විභාග කරන ලද තීරක ගොනු පරීක්ෂා කිරීම.
- 2. තීරක ප්‍රදානයන්ට එරෙහි අභියාචනා භාර ගැනීම සහ කොමසාරිස්/රෙජිස්ට්‍රාර් වෙත යොමු කර තීන්දු ප්‍රකාශයට පත් කිරීම.
- 3. තීරක තීන්දු ප්‍රකාරව විත්තිකරුවන් මුදල් නොගෙවු හොත් සමිතිවල ඉල්ලීම පරිදි උසාවි බල ගැන්වීම.
- 4. උසාවි බල ගන්වන ලද නඩු කටයුතු සඳහා අයවන දඩමුදල් නිශ්කාශනය කර අදාළ සමිති වෙත මුදා හැරීම.
- 5. මහේස්ත්‍රාත් අධිකරණයේ තීරක තීන්දු බලගැන්වීමේ දී ඉදිරිපත් වන විරෝධතා සඳහා ප්‍රතිරෝධතා ගොනු කිරීම.
- 6. තීරක අංශයේ ගෙවීම් කටයුතු හා චක්‍රලේඛ නිකුත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදීම.
අධිකරණ බල ප්‍රදේශ
රත්නපුර දිස්ත්‍රික්කය
රත්නපුර, කලවාන, පැල්මඩුල්ල, බලංගොඩ, රක්වාන, ඇඹිලිපිටිය හා අවිස්සාවේල්ල යන මහේත්‍රාත් අධීකරණ.
කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල, මාවනැල්ල, වරකාපොල, රුවන්වැල්ල හා අවිස්සාවේල්ල යන අධිකරණ.
අංශයේ සංවිධාන සටහන
සමුපකාර සංවර්ධන කොමසාරිස්/ රෙජිස්ට්‍රාර්
▼
සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස්
▼
සමුපකාර සංවර්ධන දිස්ත්‍රික් නිලධාරී
▼
මූලස්ථාන සමූපකාර සංවර්ධන නිලධරී (තීරක හා උසාවි)
▼
සමූපකාර සංවර්ධන නිලධරී
(තීරකවරු)
(තීරකවරු)
▼
සමූපකාර සංවර්ධන නිලධරී
(උසාවි කටයුතු)
(උසාවි කටයුතු)