විගණන සහ ඈවර අංශය (Audit & Liquidation Division)
පළාත් තුල ලියාපදිංචි සමුපකාර සමිතිවල මුල්‍ය විනිවදභාවය සහ නෛතික පැවැත්ම තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාකාරී මැදිහත්වීම ලබා දීම මෙම කාර්යභාරය වේ.
විගණන අංශය
සබරගමුව පළාත් සභාවේ 2007 අංක 03 දරන සමූපකාර සමිති ප්‍රඥප්තියේ 44 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව ලියාපදිංචි සමූපකාර සමිතිවල ව්‍යවස්ථාපිත විගණනය හා ඊට අදාළ කටයුතු මෙම අංශය මගින් සිදුකරයි.
ඉටුකරනු ලබන ප්‍රධාන කාර්යයන්:
- 1. සබරගමුව පළාත් සභාවේ 2007 අංක 03 දරන සමූපකාර ප්‍රඥප්තියේ 43 (ආ) වගන්ති ප්‍රකාරව ලියාපදිංචි සමූපකාර සමිතිවල විගණන වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන ලබා ගැනීම.
- 2. ප්‍රඥප්තියේ 44 වන වගන්ති ප්‍රකාරව සබරගමුව පළාතේ ලියාපදිංචි සියලුම සමුපකාර සමිතිවලට අදාළව වාර්ෂික විගණන සැළැස්ම සකස් කිරිම, එකී සැළැස්ම ප්‍රකාරව මාසිකව විගණන කටයුතු සැළසුම් කිරිම, විගණන කටයුතු මෙහෙයවීම, අධික්ෂණය හා ප්‍රගති සමාලෝචනය.
- 3. විගණනයේ දී අනාවරණය වන කරුණු සම්බන්ධ විගණන විමසුම් යොමු කිරීම හා එහි ප්‍රගතිය සමාලෝචනය කිරීම.
- 4. විගණන වාර්තා සමිති වලට මුදා හැරිම.
- 5. විගණන සමුළු කැදවීම, වාර්තා කිරිම, උපදෙස් දීම හා ප්‍රගතිය සාමාලෝචනය කිරිම.
- 6. සමූපකාර සමිතිවල මූල්‍ය තොරුතුරු ඉදිරිපත් කිරීම.
ඈවර අංශය
සබරගමුව පළාත් සභාවේ 2007 අංක 03 දරන සමූපකාර සමිති ප්‍රඥප්තියේ පහත වගන්ති යටතේ ලියාපදිංචිය අවලංගු කිරීමට අදාළ කටයුතු මෙම අංශය මගින් සිදුකරයි:
- 49 වන වගන්තිය යටතේ විසුරුවා හැරීම.
- 50 (අ) වගන්තිය යටතේ සාමාජික සංඛ්‍යාව අඩුවීම.
- 50 (ආ) වගන්තිය යටතේ සමිතිය ලියාපදිංචි කළ දින සිට අවුරුද්දක කාලයක් තුළ වැඩ ආරම්භ නොකිරීම හෝ වසර 02 ක කාලයක් අක්‍රියව තබීම.
ප්‍රමුඛ කාර්යය: වාර්ෂිකව එකී සමිති හඳුනාගෙන අවසන් විගණනයන් සිදුකර ඈවර කිරීමට අදාළව ඈවරකරුවන් පත්කිරීම.
විගණන හා ඈවර අංශයේ සංවිධාන සටහන
සමුපකාර සංවර්ධන කොමසාරිස්/ රෙජිස්ට්‍රාර්
▼
සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස්
▼
සමුපකාර සංවර්ධන දිස්ත්‍රික් නිලධාරී
▼
මූලස්ථාන සමූපකාර සංවර්ධන නිලධාරී
▼
ජ්‍යෙෂ්ඨ විගණකවරු
▼
ස්වාධීන විගණකවරුන්
▼
ඈවරකරුවන්