අධ්‍යාපන හා පුහුණු අංශය(Education & Training Division)
සමුපකාර සේවකයින්,අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුළු සමුපකාර සාමාජිකයින් සහ දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුම,කුසලතා සහ ආකල්ප වලින් සන්නද්ධ කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම මෙම අංශයේ කාර්යභාරය වේ.
මෙම අංශයේ කටයුතු සමූපකාර සංවර්ධන කොමසාරිස්/ රෙජිස්ට්‍රාර්වරයාගේ සෘජූ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ වාර්ෂික පුහුණු සැලැස්මට අනුව සිදුකරනු ලබයි.
පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම සහ ක්‍රියාත්මක කිරීම
දිස්ත්‍රික් කොමාසාරිස්වරු මගින් දිස්ත්‍රික්කයේ ලියාපදිංචි සමූපකාර සමිතිවල පහත කණ්ඩායම් සඳහා පුහුණු අවශ්‍යතා හඳුනාගෙන, වාර්ෂික සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරනු ලබයි:
- අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්
- කාරක සභා නියෝජිතයින්
- මහා සභා නියෝජිතයින්
- සමිතිවල සාමාන්‍ය සාමාජිකයින්
- සමිති කාර්ය මණ්ඩල
- දෙපාර්තමේන්තු නිලධාරීන්
සම්බන්ධීකරණය හා සමාලෝචනය
- වාර්ෂික සැලසුම්: පුහුණු සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම හා ඒවායේ ප්‍රගති සමාලෝචනය සිදු කිරීම.
- පළාත් සභා පුහුණු ඒකකය: පළාත් කාර්යාලයේ හා දිස්ත්‍රික් කාර්යාල දෙකෙහි (රත්නපුර සහ කෑගල්ල) නිලධාරීන් සඳහා පළාත් සභාවේ පුහුණු ඒකකය මගින් සංවිධානය කරනු ලබන වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම.
අධ්‍යාපන හා පුහුණු අංශයේ ව්‍යුහය
කොමසාරිස් / රෙජිස්ට්‍රාර්
(අධීක්ෂණය හා මගපෙන්වීම)
(අධීක්ෂණය හා මගපෙන්වීම)
▼
වාර්ෂික පුහුණු සැලැස්ම
▼
දිස්ත්‍රික් පුහුණු ඒකක
පළාත් සභා පුහුණු ඒකකය